Monday, August 13, 2012

ෆොන් හොරුන්ට ලොවෙත් නැති වන වැඩක් දෙමු




යාලුවනේ ඔන්න කට්ටිය හොය හොයා හිටිය පට්ට භාන්ඩේ මෙන්න. මේකෙන් තමුන්නාන්සේලාගේ ස්මාට්ෆෝන් එක කවුරුහරි ඉස්සුවොත් ඒක තියෙන තැන හොයාගන්න පුළුවන්.හැබැයි ඒකට මේ සොෆ්ට්වෙයා ෆෝන් එකට දාගෙන ඉන්න ඕනි. මේ සොෆට්වෙයා එක ඇන්ටිතෙෆ්ට් සොෆ්ට්වෙයා එකක්. මේකෙන් ඔයාලගේ ෆෝන් එක කොහේ තිබුනත් ලොක් කරන්න හරි ඒකේ තියෙන ඔයාලගේ ඩේටා සේරම මකා දාන්න හරි පුලුවන්. සුපිරි නේද?

මේ සොෆ්ට්වෙයා එක pc එකට ඩවුන්ලෝඩ් කරල ෆෝන් එකට දාන්න ඕන කවුරුහරි ඉන්නවනම් මේ ලින්ක් එකෙන් ගන්න.බය වෙන්න කාරි නෑ මෙව්වා නොමිලේ

www.f-secure.com/antiTheft_PC

මේක කෙලින්ම ෆෝන් එකට ගන්න ඕන නම් මේ ය‍ට තියෙන් ලින්ත් එකට ගිහින් ෆොන් එකට මේක ඩවුන් කර ගන්න ලින්ක් එකක් ෆොන් එකට එවන්න කියලා ඉල්ලන්න විතරයි තියෙන්නේ. සිම්පල්

www.f-secure.com

මේ සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගන්න නම් මෙන්න මේ System requrirements තියෙන්න ඕන.

 ☺ Android 1.6 / 2.1 / 2.2

☺ Symbian^3, S60 3rd and 5th Edition

☺ Windows Mobile 6 Professional

☺ Windows Mobile 6 Standard

☺ Windows Mobile 5.0 for Pocket PC

☺ Windows Mobile 5.0 for Smartphone

මේක ෆොන් එකට ඉන්ස්ටෝල් කරද්දි පාස්වර්ඩ් එකක් ඉල්ලනවා. ඒකට කැමති එකක් දෙන්න ඕනි. හැබැයි ඒක අමතක කරන්න එපා. ඒ කිව්වේ මේ ෆෝන් එක නැති වුනොත් හරි ඇන්ටිතෙෆ්ට් හරහා ලොක් වුනොත් ඒක අන්ලොක් කරගන්න පුලුවන් ඒ පාස්වර්ඩ් එකෙන් විතරයි. යාලුවනේ මෙන්න මේක කරුණ වැදගත් මේක ඉන්ස්ටෝල් කරද්දි තවත් ජංගම දුරකථනයක අංකයක් (Trust Number) ඉල්ලනවා. ඒක අනිවාර්යයෙන්ම ඇතුලත් කරන්න ඕන. ඒකෙන් වෙන්නේ මෙම ෆොන් එක කවුරු හරි උස්සලා use කරද්දි අර කලින් දුන්න නම්බර් එකට ඒ බව දන්වලා sms එකක් එනවා.
මෙන්න Antitheft Software එකේ Functions :-

☺☺☺ Theft Control- ඇන්ටිතෙෆ්ට් මෘදුකාංගයේ මේ පහසුකම ඔන් කර තැබුවාම එම ‍ෆොන් එකට අලුතින් සිම් කාඩ් එකක් කරන හැම අවස්ථාවේදීම කලින් දුන්න trust number එකට හොරා දැම්ම අලුත් සිම් එකේ නම්බර් එක sms එකකින් අපට එවනවා. ඒ හරහා ෆොන් එක හොයාගන්න try එකක් දෙන්න පුලුවන්.

☺☺☺ Remote Lock- අ‍පේ ෆොන් එක නැති වුනොත් ඒවෙලාවෙම වෙන ‍ඕනෑම ‍ෆෝන් එකකින් අපේ password එක දාලා මෙහෙම sms එකක් යවන්න.

#LOCK#< රහස් අංකය > යනුවෙන්. එතකොට හොරා ලග තියෙන අපේ ෆොන් එක ලොක් වෙනවා. ඒක අන්ලොක් කරන්න පුලුවන් පාස්වර්ඩ් එක දුන්නොත් විතරයි.
 
☺☺☺ Locate Phone- ෆෝන් එක නැතිවූ විට දැන් තියෙන තැන හොයා ගන්න ඕනෑම ෆෝන් එකකින් මෙන්න මෙහෙම sms එකක් යවන්න. #LOCATE#< රහස් අංකය > ලෙස.
එතකොට ඔයාලට Google Maps වල ලින්ක් එකක් එයි. ඒකට pc එකෙන් ගියාම දැන් ෆෝන් එක තියෙන තැන මැප් එකේ පෙන්නයි. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ ෆෝන් එක තියෙන තැන හොයාගෙන ගිහින් උට කනට එකක් ගහලා ෆෝන් එක අරන් එන්න.

☺☺☺ Remote Wipe- මේ එක function එකකින් වත් ෆෝන් එක හොයා ගන්න බැරි වුනා නම් තව කරන්න තියෙන්නේ එක දෙයයි. ෆෝන් එකේ සියලුම ඩේටා මකලා දාන්න වෙනවා. ඒකට ඕනෑම ෆෝන් එකකින් මෙහෙම sms එකක් යවන්න. #WIPE#< රහස් අංකය >

මේ එකකින් වත් ෆෝන් එක හොයාගන්න බැරි වුනා නම් අලුත් එකක් ගනිං

No comments: