Sunday, August 5, 2012

සැම්සුන් ගැලැක්සි S 3 මෙරට වෙළඳපොලට





ඔන්න යලුවනෙ අද දෙන්න යන්නෙ මෙරට වෙලද පොලට ගැලැක්සි S III  අවා කියලා කියන්නයි යන්නෙ,
සැම්සුන් සමාගමේ අළුත්ම ස්මාර්ට්ෆෝන් නිෂ්පාදිතය වන සැම්සුන් ගැලැක්සි S III (ජුනි 20) කොළඹ දී එළිදැක්විණි.

කොළඔ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවැති මෙම මාධ්‍ය හමුවට සැම්සුන් මෙරට ශාඛා ප‍්‍රධානී එච්. කේ චෑං, සැම්සුන් සමාගමේ අලෙවි හා ප‍්‍රවර්ධන අංශයේ එච්.සී. රියු, ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් හි ප‍්‍රධාන විධායක නිලධාරී ජනෝද තෝරදෙණිය, ජෝන් කීල්ස් ආයතනයේ තොරතුරු තාක්‍ෂණ අංශ ප‍්‍රධානී සුජීව දේවරාජා හා ඩයලොග් ආසියාටා සමාගමේ අන්තර්ජාල සබඳතා අංශයේ සාමාන්‍යාධිකාරී නවීන් පීරිස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ එච්. කේ චෑං මහතා පවසා සිටියේ ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයා විසින් ස්මාර්ට්ෆෝන් වෙළඳපොලට අවතීර්ණ වීම හේතුවෙන් ගැලැක්සි S II, ගැලැක්සි නෝට් හා ගැලැක්සි S IIIයන නිෂ්පාදන එළිදැක්වීමට සැම්සුන් සමාගමට හැකිවූ බවයි.

එච්. කේ චෑං, එච්.සී. රියු හා සුජීව දේවරාජා යන මහත්වරුන් විසින් සැම්සුන් ගැලැක්සි S IIIනිෂ්පාදනය එළිදක්වනු ලැබිණි.

ගැලැක්සි S III ලෙස නම් කර ඇති මෙම උපාංගය එළිදක්වුනේ ලන්ඩනයේදීය.

මෙම උපාංගයේ විශේෂ අංග කිහිපයකි.

උපාංගය වෙත දෑස යොමු කරගෙන සිටීම එහි ඉදිරිපස කැමරාව මගින් සන්නිවේදනය කරන අතර, දෑස් ඉවතට ගන්නා තෙක් ස්මාර්ට්ෆෝන් තිරය නොනිමී තිබීම මින් එකකි.

දෙවැන්න නම්, ’එස් වොයිස්’ලෙස නම් කර ඇති පාලන ක‍්‍රමවේදයයි. මේ ක්‍‍්‍රමය යටතේ, පාරිභෝගිකයාට ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය නම් කළ යුත්තේ ’මට ඡායාරූපයක් ගැනීමට අවශ්‍යයි’, ලෙස උපාංගයට පැවසීම පමණි.

මෙම පහසුකම දැනට භාෂා 8කින් ලබාගත හැක.

ගැලැක්සි S III ස්මාර්ට්ෆෝනයේ පිටුපස මෙගාපික්සල් 8ක කැමරාවක් හා වීඩියෝ දුරකථන ඇමතුම් සඳහා මෙගාපික්සල් 1.9ක කැමරාවක් ඉදිරිපස ඇත.

මී.මී. 136ක් උස, මි.මී. 70ක් පළල හා මි.මී. 8.5ක් ගැඹුරු මෙම උපාංගයේ තිරය අඟල් 4.8ක් විශාල වේ.

ගිගාහර්ට්ස් 1.4ක කොඞ් කෝර් ප්‍රොසසරයක් හා ගිගාබයිට් 32ක මතකයක් ඇති මෙය කි‍්‍රයා කරන්නේ ඇන්ඩ්‍රොයිඩ් අයිස් කී‍්‍රම් සැන්ඕවිච් මෙහෙයුම් පද්ධතියයි.

නිල් හා සුදු වර්ණ වලින් ලබාගත හැකි මෙම උපාංගයේ මිල රු. 115,000කි.

මෙම ස්මාර්ට්ෆෝනය සමග ඒ සඳහා වූ උපාංග කිහිපයක් ද ලබාගත හැක.

මෙම ස්මාර්ට්ෆෝනය මිලදී ගැනීමේදී ඩයලොග් පාරිභෝගිකයන් ට සය මසක කාලයක් පුරාවට 2GB දත්ත ප‍්‍රමාණයක් නොමිලේ හිමිවේ.

මෙරට අලෙවි වන සෑම ගැලැක්සි S III ස්මාර්ට්ෆෝනයක් අසුරා ඇති සෑම පෙට්ටියකම ශ‍්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව විසින් ලබාදී ඇති විශේෂ අංකයක් සඳහන් වේ.

දිවයින පුරා ගැලැක්සි S III බෙදාහැරීමේ කටයුතු ජෝන් කීල්ස් ඔෆිස් ඔටෝමේෂන් පෞද්ගලික සමාගම විසින් සිදුකරයි.

මෙරට ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ප‍්‍රමුඛයා වන සැම්සුන් සමාගමට එම වෙළඳපොලේ 40%ක් හිමිවේ.
ගැලැක්සිS3 ගැන ෆුල් විස්තරයක් දුන්නා මතක ඇති නෙ,

No comments: